Tuesday, March 18, 2025

General line - 0115112241

කටානේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්



කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන - උතුර කලාපයේ ජල කුලු‍ණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට උදෑසන 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් කටාන - උතුර කලාපයේ ප්‍රදේශ කිහිපයක එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව බම්බුකුලිය, මුරුතාන, කටාන - උතුර, කටාන - බටහිර, නැගෙනහිර - කටාන, උඩංගාව, මානචේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කදවල, පහළ කදවල, වැලිහේන - උතුර, වැලිහේන - දකුණ, ආඩික්කණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල - දකුණ, මහ ඇත්ගාල සහ නැගෙනහිර - කළුවාරිප්පුව ආදි ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලැබෙනවා.