අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත් වන අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ගේ මාර්තු මස වැඩිහිටි දීමනාව ඊයේ දින අදාළ පවුලට අයත් අස්වැසුම ප්‍රතිලාභී ගිණුමට බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රතිලාභී පවුල් පන් ලක්ෂ අසූ දෙදහස් අටසිය හැත්තෑ නවයකට එම මුදල හිමිවීමට නියමිතයි. රුපියල් එක් බිලියන, හත්සිය හතළිස් අට මිලියන හයසිය තිස් හත්දහසක මුදලක් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට එලෙස ගිණුම් ගත කර ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ.
එම ප්‍රතිලාභීන්ට සිය මුදල් අද දින සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් මගින් ලබා ගත හැකියි.