Friday, March 21, 2025

General line - 0115112241

දේශබන්දු දුම්බර බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවයි



අප්‍රේල් මස 03 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ රාත්‍රියේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සිට විශේෂ ආරක්‍ෂාවක් යටතේයි.

ඊයේ රාත්‍රි 11 පමණ වන විට ඔහු එම බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා.

දුම්බර බන්ධනාගාරයේ මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක උඩුමහලේ වෙනම සිර මැදිරියක දේශබන්දු තෙන්නකෝන් මහතා රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ.

එම උඩුමහලේ සිරමැදිරිය තුළ 08 දෙනෙකු පමණ රැඳවිය හැකි අතර මේ වන විට එහි රඳවා සිටින්නේ ඔහු පමණක් බවද බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණ කළා.