වාරියපොල , වරැල්ල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර ගුවන් අනතුරක් සිදුව තිබෙනවා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් එලෙස කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ
එම ගුවන් යානය තුල පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරමින් සිටිය බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් තිබෙනවා
එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බවත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
වැඩි විස්තර බලාපොරොත්තුවන්න ............