Tuesday, March 25, 2025

General line - 0115112241

අයථා ලෙස ඉපයූ රාජ්‍ය දේපළ පවරා ගැනීමට පාර්ලිමේන්තුවට නව පනතක්



පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.

එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන පුද්ගලයින්ගේ ඕනෑම දේපොළක් නීත්‍යානුකුලව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලබා ගැනීමට හැකිවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.