Wednesday, March 26, 2025

General line - 0115112241

දේශබන්දුට එරෙහිව ජාතික ජන බලවේගයෙන් යෝජනාවක්



සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඉවත් කිරීමේ යෝජනාවක් කතානායකවරයාට භාරදීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා නෙත් නිවුස් වෙත තහවුරු කළේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද දහවල් 12යි 15ට පාර්ලිමේන්තුවේ දී එම යෝජනාව භාරදෙන බවයි.

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉකුත් 20 වනදා නියෝග කෙරුණා.

ඒ, 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියට අදාළවයි.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිටීමෙන් පසු ඉකුත් 19 වනදා අධිකරණයට භාරවුණා.