Wednesday, March 26, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට එන අපේක්ෂකයින්ගේ නම කැත කළ වීඩියෝවක් අන්තර්ජාලයේ



පළාත් පාලන මැතිවරණයට අදාලව විවිධ ආකාරයේ පැමිණිලි මේ වන විට ලැබෙමින් ඇතැයි පොලීසිය පවසනවා.

ඒ අතරින් එක් ප්‍රධාන ගණයේ පැමිණිල්ලක් වී ඇත්තේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ නමට කැළලක් වන පරිදි වීඩියෝවක් නිර්මාණය කර එය ෆේස්බුක් ඔස්සේ පළ කිරීමයි. මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ පොලොන්නරුව සිරිපුර ප්‍රදේශයෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල අපේක්ෂකයා විසින් පොලීසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

ඒ අනුව අදාල වීඩියෝව පිළිබඳ සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මේ අතර පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම හෙට දින මධ්‍යහන 12.00න් අවසන් වන බවයි.

ඒ අනුව ලබන 27 වැනි දින දහවල් 12.00 දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයන්හී තේරිම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා භාර ගැනීමට නියමිත බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.