Wednesday, March 26, 2025

General line - 0115112241

සිරි දළදා වන්දනාව ගැන විශේෂ දැනුම්දීමක්

කමල් සුරවීර



අප්‍රේල් මස 18 වනදා සිට 27 වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු පාර්ශවයකට මුදල් ආධාර ලබා නොදෙන ලෙස මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

“සිරි දළදා වන්දනාව” සඳහා මහනුවරට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාළිගාව සහ රජය මගින් සලසා දෙන බවයි උන්වහන්සේ කියා සිටියේ.

අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් ද ඒ සම්බන්ධනේ අදහස් පළ කළා.