Tuesday, April 1, 2025

General line - 0115112241

උත්සව සමයේ ක්‍රීඩා පැවැත්වීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්



උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින්.

සියලුම ක්‍රීඩා උත්සවවලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ පිළිබඳ එහි විස්තර එහි ඇතුළත් වනවා.

අලුත් අවුරුදු කාල සීමාවේදී පැවැත්වෙන විවිධ උත්සව අවස්ථා රැසක් සඳහා අදාළ මාර්ගෝපදේශ මාලාවෙන් උපදෙස් නිකුත් කර ඇති අතර එම උපදෙස් පිළිපදින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

විශේෂයෙන් ගම හරහා දිවීම, මැරතන් තරඟාවලි සහ පා පැදි වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරඟ වදින්නන් අවම වශයෙන් තරඟයට සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවද දක්වා තිබෙනවා.

එහිදී හඳුනාගත් රෝගී තත්ත්වයන් සහිතව සහභාගී වන්නන් ඔවුන්ගේ නිතිපතා සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා සැපයුම්කරු වෙතින් අදාළ ක්‍රීඩා ඉසව්වට සහභාගී වීමට තමන් යෝග්‍ය බව ප්‍රකාශ කරමින් වෛද්‍ය අනුමැතිය ලබා දීමේ සහතිකයක්ද ඉදිරිපත් කළ යුතු බවද දක්වා තිබෙනවා. 

මේ පිළිබඳ සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව පහතින්