මියන්මාරයේ සහ තායිලන්තයේ භූමිකම්පා පිළිබඳව කණස්සල්ල පළ කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවට හැකි සෑම ආධාරයක්ම ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
“මියන්මාරයේ සහ තායිලන්තයේ ඇති වූ භූමිකම්පාවෙන් පසුව ඇති වූ තත්ත්වය පිළිබඳව කනස්සල්ලට පත්ව සිටී.
සෑම දෙනාගේම ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රාර්ථනා කරමි.
හැකි සෑම සහයක්ම ලබාදීමට ඉන්දියාව සූදානම්.
මේ සම්බන්ධයෙන් අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සීරුවෙන් සිටින ලෙසයි.
මියන්මාරයේ සහ තායිලන්ත රජයන් සමඟ සම්බන්ධව සිටින ලෙස විදේශ අමාත්‍යංශය වෙතින් ඉල්ලා සිටියේය, ”
මෝදි සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි සටහනක් තබා තිබේ.
සිකුරාදා පස්වරුවේ මියන්මාරයට බලපෑ රිච්ටර් මාපක 7.4 ක භූමිකම්පාවෙන් මේවනවිට පුද්ගලයින් 1000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ මියන්මාරයේ ආපදා තත්ත්වයට ඉන්දියාව පළමු ප්‍රතිචාරකයා ලෙස ක්‍රියා කළ බවයි.
ඒ අනුව අසල්වැසි රටේ දිවි ගලවා ගත් මිලියන සංඛ්‍යාත ජනතාවට සහන සැලසීම සඳහා 'බ්‍රහ්ම මෙහෙයුමේ' කොටසක් ලෙස, ඉන්දීය ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක ටොන් 15ක් පමණ සහන ද්‍රව්‍ය අද උදෑසන යැන්ගොන් වෙත ගොඩ බෑ බව ඉන්දීය බලධාරීන් පවසයි.
ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේ මෙය පළමු සහන වාරිකය පමණක් වන අතර තවත් සහනාධාර ඉදිරි දින කිහිපයේදී යොමු කරන බවයි.
එලෙස මියන්මාරයට ලබාදෙන ආධාර අතර කූඩාරම්, බ්ලැන්කට්, නිදි මළු, ආහාර පැකට්, සනීපාරක්ෂක කට්ටල, ජනක යන්ත්‍ර සහ අත්‍යවශ්‍ය ඖෂධ වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසීය.