Wednesday, April 2, 2025

General line - 0115112241

මියන්මාරයට යවන්න විශේෂ සෞඛ්‍ය කණ්ඩායමක් සූදානම් කෙරේ



ප්‍රභල භූකම්පනයක් හේතුවෙන් ඇති වූ ආපදා නිසා පීඩාවට පත් මියන්මාරයේ ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව පීඩාවට පත් ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර සහ සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් ලබාදීම සම්බන්ධීකරණය කිරීම සඳහා අවශ්‍ය මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත් වුණා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මියන්මාරයට පිටත් කර යැවීම සඳහා විශේෂ සෞඛ්‍ය කණ්ඩායමක් සූදානමින් පසුවන බවයි.

ආරක්ෂක, විදේශ සහ සෞඛ්‍ය අමාත්‍යාංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, අනෙකුත් පාර්ශවකාර රාජ්‍ය ආයතන නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ දේශීය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබෙනවා.

ඒ අනුව පීඩාවට පත් වු ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට මෙම සාකච්ඡාවේදී තිරණය කර ඇති බවයි වාර්තා වුණේ.