මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා ඔෂභ අංකය අනිවාර්ය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ ඔෂභ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවයි.
මෙම ඔෂභ අංකය අනිවාර්ය වන්නේ අලුතින් මෝටර් රථ ලියාපදිංචියේදී බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් - පාලන, උදය කුමාර මහතා කියා සිටියේ.
මේ අතර උපයන විට බදු නිදහස් සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස්දහස දක්වා ඉහළ යන්නේ ද අද සිටයි.
දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් ජේ.ටී. චන්දන මහතා පැවසුවේ පොලී ආදායම් මත මෙතෙක් අයකල බදු අද සිට සංශෝධනය වන බවයි.
මේ අතර ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් විදෙස් රටවල් සඳහා ඩිජිටල් සේවා සපයා ලැබෙන ආදායමට සියයට 15ක උපරිමයකට යටත්ව බදු අයකරන සේවා අපනයන බද්ද ද අද සිට ක්‍රියාත්මකයි.
එමෙන්ම යම් දේපලක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව ද අද සිට ඉහළ යනවා.
ඒ අනුව රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා මෙතෙක් අයකල රුපියල් 10ක මුද්දර ගාස්තුව අද සිට ඉහළ යන්නේ රුපියල් 20ක් දක්වායි.
කෙසේවෙතත් උපයන විට බදු සීමාව හෙවත් ඡ්ශෑ ඕං සංශෝධනය වීමත් සමඟ මාසිකව එක් ලක්ෂ පනස්දහසක වැටුපක් ලැබූ පුද්ගලයෙකුගෙන් මෙතෙක් අයකල රුපියල් 3,500ක බද්ද අද සිට අය කෙරෙන්නේ නැහැ.
රුපියල් ලක්ෂ දෙකක මාසික වැටුපක් ලැබූ අයෙකු මීට පෙර රුපියල් 10,500ක බද්දක් ගෙවූ අතර ඔහු දැන් ගෙවිය යුත්තේ රුපියල් 3,000ක් පමණයි.
එමෙන්ම ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත සියයට 10ක අනු ප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අය කිරීමද අද සිට ක්‍රියාත්මක වනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින්ට තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා ගෙවන අත්තිකාරම් බදු ඉවත් කර ගැනීම සඳහා සහනයක් ද ඉල්ලා සිටිය හැකි බවයි.
අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරන්නේ නම් අදාළ බැංකු හෝ මූල්‍ය ආයතනය වෙත ඊට අදාළ ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු වනවා.