අලුත් අවුරුදු උදාවත් සමඟ ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වැඩි හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශය පවසනවා.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ උත්සව සමය තුළ ළමුන්ට සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා මව්පියන් ඒ පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.
මෙම දිනවල ළමුන් සමඟ විනෝද චාරිකා සහ වෙනත් ගමන් බිමන් යාමේදී ද ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මව්පියන්ගෙන් ඉල්ලා සිටියා.