Tuesday, April 22, 2025

General line - 0115112241

සතියේ දිනයක් වුවත් “සිරි දළදා වන්දනාවට” අදත් මහ සෙනඟක්

කමල් සුරවීර



සතියේ වැඩ කරන දිනයක් වුවද අද දිනයේ ද අති විශාල බැතිමතුන් පිරිසක්  “සිරි දළදා වන්දනාව” සඳහා මහනුවරට පැමිණ සිටිනවා. 

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද පස්වන දිනයයි. 

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.  


සැදැහැවතුන් සඳහා දළදා වන්දනාවට වැඩි වේලාවක් වෙන් කිරීමේ අරමුණින් “සිරි දළදා වන්දනාව” සඳහා වෙන්කල කාලය මේ වන විට පෙරවරු 11.30 සිට පස්වරු 05.30 දක්වා දීර්ඝ කර තිබෙනවා.