“සිරි දළදා වන්දනාව” හේතුවෙන් ආරක්ෂක රාජකාරීවල නිරතව සිටින පොලිස් නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මහනුවර ආශ්‍රිතව එම ඡන්ද මධ්‍යස්ථානය ස්ථාපිත කරන බවයි.
ඒ අනුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේදී ලබන 24, 25, 28 සහ 29 යන දිනවල දළදා වන්දනාව සඳහා රාජකාරියට පැමිණි තැපැල් ඡන්ද හිමි පොලිස් නිලධාරීන්ට සිය ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් සියලුම දිස්ත්‍රික්කවලින් මහනුවරට පැමිණ සිටින පොලිස් නිලධාරීන්ට මෙහිදී ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට හැකියාව ලැබෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් පොලිස්පතිවරයාට සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇති බවයි ඔහු සඳහන් කළේ.
“සිරි දළදා වන්දනාව” සඳහා මේ වනවිට පොලිස් නිලධාරීන් 10,000කට ආසන්න පිරිසක් රාජකාරීයේ යෙදී සිටිනවා.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.