ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 09ක පරාජයක් අත්වුණා.
ඒ, ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේයි.
වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 39කට සීමා කෙරුණු අතර කාසිය වාසිය හිමිකර ගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 38යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 147ක් පමණයි.
හසිනි පෙරේරා පන්දු 46කදී ලකුණු 30ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 29යි පන්දු 4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 149ක් රැස් කරමින් මෙම තරගයේ ජය වාර්තා කළා.
ප්‍රතිකා රාවල් නොදැවී ලකුණු 50ක් රැස්කල අතර හර්ලීන් දියෝල් නොදැවූ ලකුණු 48ක් රැස්කලා.
දැවී ගිය එකම පිතිකාරිනිය වූ ස්මිත්‍රි මන්දනා ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා.
මෙම තරගාවලියේ දෙවන තරගය එළඹෙන 29 වනදා කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් එහිදී තරග වදිනවා.