Tuesday, April 29, 2025

General line - 0115112241

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය අදින් අවසන්



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙන්කර ඇති අවසන් දිනය අදයි. 

මෙතෙක් ඡන්දය ප්‍රකාශ නොකළ තැපැල් ඡන්ද හිමියන්ට සිය රාජකාරි ස්ථානයේදී අද දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. 

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අදින් පසු තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැවත අවස්ථාවක් ලබා නොදෙන බවයි.

මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වූ පසුගිය දින තුනේදී කිසිදු ගැටලුකාරී තත්ත්වයක් වාර්තා වී නොමැති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් දක්නට නොලැබුණු බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඉකුත් 24 වනදා ආරම්භ වුණා.