Saturday, April 27, 2024

General line - 0115112241

යේමනයේ පිපිරීමකින් 60ක් මරුට




යේමනයේ සිදුවූ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා.

අයි.එස්. සටන්කාමීන් විසින් මෙම ප‍්‍රහාරය සිදුකරන්නට ඇති බවයි සැකකෙරෙන්නේ.

යේමනයේ සෞදි හිතවාදී ආණ්ඩුවසහ සටන්කාමීන් අතර මේ වන විට මාස 17කට වැඩි කාලයක් ගැටුම් පවතිනවා.

මේ නිසා මියගිය සංඛ්‍යාව 6600ක් පමණ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ.