සෞදි අරාබියේ ශුද්ධ නගරයක් වන මෙදීනා හි පල්ලියක් අසල මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් සිදුව තිබෙනවා.
මෙම ප‍්‍රහාරයෙන් 4 දෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ.
බෝම්බකරු පල්ලියට ඇතුළු වීමට උත්සහ කිරීමේදී ආරක්ෂකයින් විසින් නතර කර තිබෙනවා.
ඔහු පුපුරුවාගැනීම සිදුකර ඇත්තේ එම අවස්ථාවේදීයි. සෞදි අරාබියේ තවත් නගර දෙකක ද ඊයේ මරාගෙන මැරෙන ප‍්‍රහාර සිදුවුණා.
ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ ශ‍්‍රී ලාංකිකයින් එක්ලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් ද සෞදි අරාබියේ වෙසෙන බවයි.
කෙසේ වෙතත් ඔවුන් කිසිවෙකුට හානි සිදුවී ඇතැයි මෙතෙක් වාර්තා වී නැහැ.
තවදුරටත් තොරතුරු රැස්කරමින් සිටින බවද ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියා සිටියා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here