Friday, April 26, 2024

General line - 0115112241

පොලිස් සිර මැදිරි ළඟට CCTV කැමරා




දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම සිර මැදිරි ආශ‍්‍රිතව සී සී ටී වී කැමරා සවි කිරීම කෙරෙහි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා දැනටමත් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ. යාපනයේ දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පුස්සැල්ලාව පොලිසියෙන් අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු පොලිස් සිර මැදිරියේ රඳවාගෙන සිටිය දී ගෙල වැළලාගෙන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ද විශේෂ පරීක්ෂණයක් ක‍්‍රියාත්මකයි.

පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුවක් ලබා දීමට ද ඊයේ (18) තීරණය කෙරුණා. මීට අමතරව පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි පියවර ගැණුනේ.

මෙම මරණයෙන් පසු පුස්සැල්ලාව පොලිසිය ඉදිරිපිට ඊයේ පස්වරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති වුණා.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් වරෙන්තුකරු ඔහු ඇඳ සිටි කමිසයෙන් සිරි මැදිරියේ දී ගෙල වැළලාගෙන ඇති බවයි.

එහෙත් මෙම මරණය සැක සහිත බවටයි ඔහුගේ දෙමව්පියන් පවසන්නේ.