Friday, April 26, 2024

General line - 0115112241

වාස් ගුණවර්ධනට වෙන නඩුවකින් ඇප




මාළඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය තුළ දී එහි සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු අද (19) ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවකගේ නියෝගයකට අනුවයි.

එහි දී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ප‍්‍රියදර්ශනී පෙරේරාට සහ පුත් රවිඳූ ගුණවර්ධනට ද ඇප ලබා දී තිබෙනවා.

එහි දී එක් එක් චූදිතයින් රුපියල් පනස් දහස බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ.

කෙසේ වෙතත් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන වෙනත් වරදක් සම්බන්ධයෙන් මරණීය දඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ට ඇප කොන්දේසි සපුරා පිටවයාමට අවස්ථාව හිමිවූයේ නැහැ.

ඔවුන් දෙදෙනා යළි බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කෙරුණා. නඩුව දෙසැම්බර් මස 05 වනදා යළි කැඳවීමට නියමිතයි.