Saturday, April 27, 2024

General line - 0115112241

දැඩි වියළි කාළගුණයෙන් පොළොන්නරුවට තවදුරටත් පීඩා




වැසි නොලැබීම නිසා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 40083 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

පොළොන්නරුව, වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව හා ලංකාපුර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පානීය ජලය සපයා ගැනීම පවා දුෂ්කර වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පාසල් 16 ක සිසුන් අටදහසක් පමණ පිරිසක් ද පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටිනවා. පොළොන්නරුව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර පැවසුවේ බවුසර් මගින් පානීය ජලය බෙදාදීමට කටයුතු කරන බවයි.

s4630041 s4630045 s4630048 s4630088 s4630117 s4630135 s4630167