Saturday, April 27, 2024

General line - 0115112241

උතුරේ විරෝධතා ගැන රජයේ හා එකාබාද්ධ විපක්ෂයේ මතය මෙන්න!




එළුග තමිල් හෙවත් ‘‘දෙමළ ජනතාවනි නැගිටිව්‘‘ යන තේමාව යටතේ උතුරු පළාතේ ස්ථාන කිහිපයක මේ වන විට උද්ඝෝෂණ ආරම්භ වී තිඛෙනවා. ඊට සහාය පළ කරමින් වෙළෙඳසැල් බොහෝමයක් ද වසා දමා ඇති බවයි වාර්තාවන්නේ

උතුරේ සංවිධාන කර ඇති මෙම විරෝධතාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ද නෙත් නිවුස් විමසා සිටියා.

රටේ එකමුතුකම නැතිකළ නොහැකි බවත්,කිසිවෙකුට අවි ආයුධ අතට ගැනීමට නොහැකි බවත්,දෙමළ ජනතාවනි නැගිටිව් වෙනුවට ශ්‍රී ලාංකිකයනි නැගිට්ටවීම රජයේ ස්ථාවරය බවත් ඔහු පැවසුවා.

උතුරේ මෙන්ම දකුණේ ද විවිධ විරෝධතා සංවිධාන වන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇතැයි කියා පෑමට එය හොඳම උදාහරණයක් බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් ද විමසීමක් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ මෙම විරෝධතාව පිටුපස ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

කොටි සංවිධානය පැවති කාලයේ කිසිත් නොකළ මෙවැනි සංවිධාන වල අරමුණ නැවතත් දෙමළ ජනතාව අන්තවාදී තත්වයට පත්කිරීම බවද ඔහු පැවසුවා.