Saturday, April 27, 2024

General line - 0115112241

සිරියාවේ විසි ලක්ෂයක් පානීය ජලය නොමැතිව අසීරුතාවක




සිරියාවේ අලෙප්පෝ නගරයේ ලක්ෂ විස්සක පමණ පිරිසක් පානීය ජලය නොමැතිව දැඩි අසීරුතාවකට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

සිරියානු කැරළිකරුවන් ඉලක්ක කර එල්ල කරන ගුවන් ප‍්‍රහාර හේතුවෙන් ජල පොම්පාගාරයකට හානි සිදුවීම, මීට බලපා ඇතැයි යුනිසෙෆ් ආයතනය පවසන්නේ.

පවතින ගැටුම් හේතුවෙන් එය යථා තත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බව ද ප‍්‍රකාශ කෙරුණා.

අලෙප්පෝ නගරයට ජලය සපනය තවත් පොම්පාගාරයක් ක‍්‍රියා විරහිත කර ඇති බව ද විදෙස් වාර්තාවල ස`දහන්.