Saturday, April 27, 2024

General line - 0115112241

කුඩු සමග ඇල්ලූ ‘‘ බිම්සර’’ ගෙන් තවදුරටත් ප්‍රශ්ණ කෙරේ




හෙරොයින් ග‍්‍රෑම් 22 ක් සමග බම්බලපිටිය ප‍්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ දී අත්අඩංගුවට ගැණුනු බිම්සර අමල් ගුණසේකර නොහොත් ‘‘ බිම්සර’’ නමැති සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ මෙම සැකකරු දැනට මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

ඊයේ පස්වරුවේ බම්බලපිටිය මැජෙස්ටික් සිටි වෙළඳ සංකීර්ණය ආසන්නයේ දී සැකකරු අත්අඩංගුවට ගැණුනා.

ඔහු පැමිණි කැබ් රථයේ තිබී හෙරෙයින් ග‍්‍රෑම් විසි දෙකක් සහ මුදලින් රුපියල් හතළිස් දහසක් ද සොයා ගැණුනු බවයි පොලිසිය පැවසුවේ.

දෙමටගොඩ චමින්ද නමැත්තා භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනයට යටත්ව බන්ධනාගාරගත කර සිටිනවා.

අත්අඩංගුවට ගැණුනු බිම්සර අමල් ගුණසේකර නොහොත් බිම්සර නමැති සැකකරු ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.