Saturday, April 27, 2024

General line - 0115112241

සරසවි එන නව ක්‍රමය අවුලක් ලු




විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සඳහා උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කිරීමේදී හඳුන්වාදී ඇති නව ක‍්‍රමය නිසා ඇතැම් සිසුන්ට අසාධාරණයක් සිදුව ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කොළඹ අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එ් පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වුවා.

එහිදී හෙතෙම පැවසුවේ “සුදුසුකම තියෙනවා නම් ඉල්ලපු නැති විශ්ව විද්‍යාලයකට වුණත් යන්න පුළුවන් කියලා විශ්ව විද්‍යාල කොමිසන් සභාව මගින් කිව්වා. එතකොට අපිට හැකියාව තිබ්බා යනවද නැද්ද කියලා තීරණය ගන්න.  දැන් වෙලා තියෙන්නෙ නව ක්‍රමවේදය නිසා දක්ෂතාවය තිබුණත් ඉසෙඩ් අගය තිබුණත් යම්කිසි විශ්ව විද්‍යාලයක අදාළ ප්‍රවේශපත්‍රය පුරවා නැත්නම් ඔහුට හෝ ඇයට ඒ කියන විශ්ව විද්‍යාලයට යෑමේ හැකියාව අහිමි කරලා තියෙනවා.” යනුවෙනි.

උසස් පෙළ විභාගයේදී දිස්ති‍්‍රක් මට්ටමින් ඉහළ ස්ථාන හිමිකර ගත් ඇතැම් සිසුන්ට පවා විශ්ව විද්‍යාල අහිමී වී ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(එම හඬපටය පහතින් අහන්න)

සිදුව ඇති අසාධාරණයන් වහාම නිවැරදි නොකරන්නේ නම් ඉදිරියේදී උද්ඝෝෂණ ආරම්භ කරන බවද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙහිදී කියා සිටියා.