Friday, April 26, 2024

General line - 0115112241

වටවල වතු කම්කරුවන් උද්ඝෝෂණයක




වටවල ප‍්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) පෙරවරුවේ හැටන් – කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් වටවල නගරයේ දී උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් ක‍්‍රියාත්මක කරන වැඩවර්ජනයට සහය දැක්වීමක් ලෙස උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා.

එයට සහය දක්වමින් වටවල නගරයේ සියලු වෙළඳසැල් ද වසා දමා තිබූ නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00002 protest-www-nethnews-lk00003 protest-www-nethnews-lk00004 protest-www-nethnews-lk00005 protest-www-nethnews-lk00006 protest-www-nethnews-lk00007 protest-www-nethnews-lk00008