Saturday, April 27, 2024

General line - 0115112241

ගුවන් ගමන් වාර 200 ක් අවලංගු කෙරේ




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ලබන ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා ගුවන් ගමන් 200 ක් පමණ අවලංගු කිරීමට සිදුවන බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදුකෙරෙන අලුත්වැඩියාවන් හේතුවෙන්.

මෙම කාලය තුළ ගුවන් ගමන් සිදු කෙරෙන්නේ සෑම දිනකම සවස 4.00 සිට පසුදින අලුයම 4.00 දක්වා පමණයි.

ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවීමෙන් සිදුවන අලාභය අමෙරිකානු ඩොලර් මිලියන 47 ක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.