Saturday, April 27, 2024

General line - 0115112241

MS දෝනි ගේ ජීවිත කතාව වාර්තා පිහිටුවයි




ඉන්දීය ක‍්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව අලලා සැකසුණු ‘එම්.එස්. දෝනි ද අන්ටෝල්ඞ් ස්ටෝරි’  (MS Dhoni The Untold Story) බොලිවුඞ් චිත‍්‍රපටය ආදායම් වාර්තා පිහිටුවා තිබෙනවා.

තිරගත වූ පළමු දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 20ක ආදායමක් උපයා ගැනීමට එම චිත‍්‍රපටය සමත් වී තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සල්මන් ඛාන් සහ අනුෂ්කා ෂර්මා රඟපෑ ‘සුල්තාන්’ චිත‍්‍රපටයෙන් පසු මෙම වසරේ තිරගත වූ බොලිවුඞ් චිත‍්‍රපටයක් පළමු දිනයේදී උපයාගත් වැඩිම ආදායම ද එයයි.

‘එම්.එස්. දෝනි ද අන්ටෝල්ඞ් ස්ටෝරි’ චිත‍්‍රපටය නිරාජ් පාණ්ඬේ විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. භාෂා 5කට හඬ කවා ඇති එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නේ සුසාන්ත් සිං සහ කීරා අද්වානි.

ඉන්දියාවට අමතරව ලොව පුරා තවත් රටවල් කිහිපයක ද ‘එම්.එස්. දෝනි ද අන්ටෝල්ඞ් ස්ටෝරි’ චිත‍්‍රපටය මේ වන විට තිරගත කෙරෙනවා.