Saturday, April 27, 2024

General line - 0115112241

දැඩි වියළි කාළගුණය පුත්තලමත් වෙලා ගනී




රටපුරා පවතිව වියළි කාළගුණ තත්ත්වය මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයටත් බලපා තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රිකක්යේ ගම්මාන රැසක ජීවත්වෙන ජනතාවට බීමට දිය පොදක් සොයා ගැනීමට සැතපුම් ගණනායක් ගමන් කිරීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 අතරින් පුත්තලම, වනාතවිල්ලුව, කරුවලගස්වැව, නවගත්තේගම, ආණමඩුව, මහකුඹුක්කඩවල, මුන්දලම හා පල්ලම යන බල ප්‍රදේශයන්ට දැඩි ලෙස මෙම තත්ත්වය බලපා තිබෙනවා.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ගොවියන්ගේ බෝග වගාවන්ද විනාශ වෙමින් පවතින බවත් කුඩා වැව් ආශ්‍රිත ප්‍රදේශවල කුඹුරු විනාශ වී ඇති බවත් ගම්වාසීන් පෙන්වා දෙනවා.

02 04 05 07 12 17 24 25 28 33 36 41 47