Friday, April 26, 2024

General line - 0115112241

කෝටි 300ක් ලං.වි.ම.ට අහිමිවීම ගැන පරීක්ෂණ ඇමති නියමයෙන් කඩිනම් වෙයි




ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 300 ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කඩිනම් කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට අදාළ ගනුදෙනුවට සම්බන්ධ ඇතැම් ලිපිලේඛණ පවා අතුරුදන් වී ඇති බවයි.

රුපියල් කෝටි 300 ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීමේ ගනුදෙනුව හරහා මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඊට අදාළ ලිපි ගොනු අස්ථාන ගත වීම සම්බන්ධයෙන් වෙනමම අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමටද දැනටමත් තීරණය කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයද පරීක්ෂණ පවත්වන බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ. එ් අනුව මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් ළඟදීම හෙලිදරව් කර ගැනීමට හැකිවන බවත්, ඔවුන්ට තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසුවා. මූල්‍ය වංචාව හරහා අහිමි වූ මුදල් යළි ලබා ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

පසුගිය 06දා බැලුම්ගල වැඩසටහනින් හෙළිදරව් කරනු ලැබුවේ මේ සම්බන්ධයෙනි. එම වැඩසටහන සඳහා පිවිසෙන්න මෙතනින්