Saturday, April 27, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යවරයෙක් කණස්සල්ලෙන් – ඉල්ලා අස්වීමටත් සූදානම්




පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන් වැඩ කල හැකි කැබිනට් ඇමති කමක් සමග අමාත්‍යවරයෙකු පත් කරනවානම් තමන් ඕනෑම අවස්ථාවක තම තනතුර පිරි නැමීමට සුදානම් බවත් තමන්ට තනතුරු අවශ්‍ය නොමැති බවත් වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී අද (21) පැවති එක්සත් ජාතික පක්ෂ පොලොන්නරුව ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පොළොන්නරුවේ විප්ලවීය ජයග්‍රහණයක් ලබා ගත් බවත් අහිංසක ජනතාවට ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත් වී නොමැති බවයි. එම නිසා එම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙක් ලබා දෙන්න යැයි ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

wasantha-www-nethnews-lk00001 wasantha-www-nethnews-lk00002 wasantha-www-nethnews-lk00003 wasantha-www-nethnews-lk00004 wasantha-www-nethnews-lk00005 wasantha-www-nethnews-lk00006