Friday, April 26, 2024

General line - 0115112241

‘‘සයුර’’ සහ ‘‘ සුරනිමල’’ පුහුණුවකට ඉන්දියාවට යයි…




ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘‘සයුර’’ සහ ‘‘ සුරනිමල’’ නෞකා ඉන්දියාවේ පුහුණු සංචාරයකට අද කොළඹ වරායෙන් පිටත්ව ගියා. එම නෞකාවන් හෙට ඉන්දියාවේ කොචින් වරාය වෙත ළඟා වීමට නියමිතයි.

මෙම පුහුණුව සඳහා  ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මධ්‍ය නිලධාරීන් 12 දෙනෙකු ඇතුළු නාවිකයින් 304 දෙනෙකු සහභාගී වන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ. සයුර නෞකාව ගැඹුරු මුහුදේ මුර සංචාර සඳහා යොදා ගන්නා අතර සුරනිමල නෞකාව ශ‍්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප‍්‍රහාරක මිසයිල නෞකාවක් වනවා.

navy-www-nethnews-lk00001 navy-www-nethnews-lk00002 navy-www-nethnews-lk00003 navy-www-nethnews-lk00004 navy-www-nethnews-lk00005 navy-www-nethnews-lk00006 navy-www-nethnews-lk00007 navy-www-nethnews-lk00008 navy-www-nethnews-lk00009 navy-www-nethnews-lk00010