Saturday, April 27, 2024

General line - 0115112241

පාසල් නිල ඇඳුම් වවුචරය ලබන මසදි සිසුන්ට




පාසල් සිසුන් සඳහා ලබන වසර වෙනුවෙන් නිල ඇඳුම් ලබාදීමට අදාළ වවුචර් පත් නිකුත් කිරීම ලබන මස මුල සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන සඳහන් කළේ මේ වන විට අදාළ වවුචර් පත් මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන බවයි.

පසුගිය වසරේදී නිල ඇඳුම් සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත් මේ වසරේදී ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කර ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිිටියේ.