Saturday, April 27, 2024

General line - 0115112241

වැට් අඩුවන කාලය ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්




ඉහළ දැමූ වැට් බද්ද ලබන වසර වන විට අඩු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව පනවා ඇති වැට් බද්ද ඉකුත් ආණ්ඩුව සමයේ පැවති වැට් බදු ප‍්‍රතිශතයට වඩා තවමත් අඩු මට්ටමක පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ අද (09) පැවති උත්සවයකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි.

“වැට් බද්ද හෝ ජාතිය ගොඩනැගීමේ බද්ද යන දෙකෙන් ඕන එකක් ගන්න තියෙනවා. මේකෙන් අඩු බරක් තිබෙන්නේ වැට් එක ලෙස තමයි අපි හඳුන්වා දී තිබෙන්නේ.  මහින්දගේ කාලේ මේක තිබ්බේ 20ට . අපි 12 ඉඳන් 15ට වැඩි කරා කියලා කියනවා. මේ රාජපක්ෂ ගත්ත බදු ගෙවන්න මිසක් වෙන දේකට නෙමෙයි. මේ වැට් එක එන අවුරුද්ද වෙනකොට අපි අඩුකරනවා”.

යහපාලන රජය ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් අත්කර ගෙන ඇති ප‍්‍රගතිය පසුගිය ආණ්ඩුවේ පාලකයන්ට දරාගත නොහැකි වී ඇති බවද රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.