Saturday, April 27, 2024

General line - 0115112241

කුසල් පළමු ටෙස්ට් ශතකය ලබාගනී




සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වන සියවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ඊයේ (29) සමත් වුණා.

ඔහුගේ ශතකය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ, ශ‍්‍රී ලංකා පළමු ඉණිමේ දිනය නිමා වන විට ලකුණු සටහන කඩුලූ 4 කට 317 ක් ලෙස සටහන් වුණා.

සිම්බාබ්වේ, හරාරේ නුවර දී තරගය පැවැත්වෙනවා.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 110 යි. කෞෂාල් සිල්වා ලකුණු 94 කට දැවී ගියා. දිමුත් කරුණාරත්න ලකුණු 56 යි. උපුල් තරංග සහ ධනංජය ද සිල්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. අද තරගයේ දෙවන දිනයයි.