Saturday, April 27, 2024

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 80ක් උතුරේදී නාවික හමුදා භාරයට




කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 80ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ කච්චතිව් දූපතට උතුරින් වූ මුහුදේ සැකකටයුතු යාත‍්‍රාවක් පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගැනුණු බවයි.

වැටලීම සිදුකර ඇත්තේ උතුරු නාවික විධානයට අයත් පී 424 යාත‍්‍රාවේ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කංකසන්තුරෙයි පොලිසියට භාර දී තිබෙනවා.

ganja-www-nethnews-lk00001 ganja-www-nethnews-lk00002 ganja-www-nethnews-lk00003