Saturday, April 27, 2024

General line - 0115112241

හිට්ලර්ගේ බිරිඳගේ කලිසමක් ලක්ෂ 5කට වෙන්දේසි වෙයි




ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ බිරිඳ වන ඊවා බ්‍රෝන් භාවිත කළ බව කියන භාණ්ඩ එංගලන්තයේදී වෙන්දේසි කර තිබෙනවා.

එහිදී වැඩිම මිලක් හිමිව ඇත්තේ ඇය ඇඳි කෙටි කලිසමකටයි. එය රුපියල් පන් ලක්ෂ පනස් එක් දහසකට වෙන්දේසි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇය පැලඳි රත්රන් මුද්දක් රුපියල් දෙලක්ෂ විසි නවදහසකටද තොල් ආලේපන බහාලන රිදී පෙට්ටියක් රුපියල් හැට හය දහසකට ද මෙහිදී වෙන්දේසි වී තිබෙනවා.

හිට්ලර්ගේ බිරිඳගේ කළු සුදු ඡායාරූප එකතුවක්ද මෙහිදී වෙන්දේසි වුණා. වසර 40ක් පුරා හිට්ලර්ගේ සමීපතම හිතවතියක් වන ඇය 1945දී හිට්ලර් හා විවාහ වී කෙටි වේලාවකින් දිවි නසාගෙන ජීවිතක්ෂයට පත්වූ බවටයි විශ්වාස කෙරෙන්නේ.

hitlers-wife

evas-brauns-knickers