Saturday, April 27, 2024

General line - 0115112241

නාලන්දෙ හිමාලයේ ගිය හැටි (PHOTOS)




කොළඹ නාලන්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් හිමාල කන්ද ගවේෂණය සාර්ථකව නිම කර තිබෙනවා. 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ගවේෂණයට එක්ව තිබෙනවා.

මෙම පිරිස ඉන්දියාවේ Darjeeling හී Himalaya mountaineering institute ආයතනයේ දවස් 28ක් පාඨමාලාවක් හදාරා තිබෙන අතර Renok Peak නම් කඳුවැටියේ අඩි 16.500ක් නැග ගැනීමට මොවුන් සියළුදෙනාට හැකිවුණු බවයි ඔවුන් පැවසුවේ.

මනෝජ් විජේසුන්දර , පුහුණුකරු ධනංජය ආනන්ද , ජනිත් ඉද්දමල්ගොඩ , මහීම පෙරේරා , පුන්සිසි අලහකෝන් , විදූෂාන් තිස්සකුමාර, ළහිරු ප්‍රියදර්ශන , ගීතික කුමාරසිරි , ශාමික චන්ද්‍රසේකර, මදුර සූරියබණ්ඩාර , චමෝද් පීරීස් එම කණ්ඩායමයි.

එම පාඨමාලාවේ Sport Climbing තරගයකටද ඔවුන් සහභාගී වී තිබෙන අතර එයින් රන් සම්මානය මදුර බණ්ඩාරනායකත්, රිදී සම්මානය පුන්සිසි අලහකෝන් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම කණ්ඩායම ලබන 24 වනදා දිවයිනට පැමිණිමට නියමිතයි.

image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003image-www-nethnews-lk00001