Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආහාර ප්‍රවර්ධනය කෙරේ




ශ්‍රී ලංකා මැලේසියානු තානාපති සබදතා අරඹා වසර 60 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු විශේෂ ආහාර සහ සංස්කෘතික උළෙලක් ඊයේ (15) පස්වරුවේ ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර මැලේසියා මානව සම්පත් සංවර්ධන අමාත්‍ය Dato Sri Richard Riot Anak Jaem විසින් එහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම ආහාර උළෙල සංවිධානය කර තිබූ අතර ප්‍රවීණ සූපවේදී පබ්ලිස් සිල්වා  ඇතුථ ශ්‍රී ලාංකික සූපවේදින්ගේ රසවත් ආහාර පානවලින් ද මෙම ආහාර උළෙල සමන්විත වුණා.

එමෙන්ම ශ්‍රී ලාංකික ආහාර පාන මැලේසියාව තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් විශේෂාංග රැසක් ද මෙහිදී ඉදිරිපත් කෙරුණා.

01 02 03 04 05 06