Saturday, April 27, 2024

General line - 0115112241

‘නත්තල යනු ලොකුවට හදන සැරසිලි නෙමෙයි’




ආත්මාර්ථකාමි සමාජයකට ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඊයේ (24) මධ්‍යම රාත‍්‍රියේ පැවති නත්තල් දේව මෙහෙයට එක්වෙමින් අගරදගුරු හිමියන් මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමියන් සඳහන් කළේ “ආත්මාර්ථතාමී සමාජය ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත තේරුම් ගන්නේ ලස්සන ලයිට් වැල් දාලා..ලොකුවට සරසලා.. ලොකු ගස් හදලා..සල්ලි වියදම් කරලා නත්තල කෑවා කියලා කියන්නයි. නත්තල කියන්නෙ ඒක නෙමෙයි. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කිව්වේ.. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා සේම ඔබේ අසල් වැසියාටත් ප්‍රේම කරන්න කියලයි.” යනුවෙනි.