Saturday, April 27, 2024

General line - 0115112241

ගුවන් ගතවීමට යාමේදී යානයක් ගුවන් පථයෙන් ලිස්සා යයි (PHOTOS)




මගීන් 161 දෙනෙකු රැගෙන ගෝවා හී ඩබ්ලිම් ගුවන් තොටුපලෙන් ගුවන් ගත වීමට සැරසුනු ජෙට් එයාවේස් සමගමට අයත් ගුවන් යානයක් අනතුරකට මුහුණ දී තිබෙනවා.

අද පෙරවරුවේ සිදුව ඇති මෙම අනතුර ගුවන් යානය ගුවන් පථයේදී ලිස්සා යෑම හේතුවෙන් ඇති වූවක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. අනතුරෙන් යානයේ බඳ කොටස පොලවට පතිත වී ඇතිල්ලී ගොස් ඇති බවත් සඳහන්.

ඒ හේතුවෙන් යානයේ සිටි මගීන් ඉවත් කර ගැනීමට ගුවන් යානයේ හදිසි දොරටුව භාවිතා කර තිබෙනවා.

මගීන්ට බරපතල තුවාල නැතත් සුළු තුවාල සහ කම්පන තත්ත්වයන් ඇති වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම යානය ඉන්දියාවේ මුම්බායි වෙත ගුවන් ගත වීමට සූදානම් වූ බොයිං 777 වර්ගයට අයත් එකක් වනවා.

අනතුරට හේතුව සොයා විශේෂඥයින් පරීක්ෂණ සිදු කරනවා.

jet-airways-skid_650x400_41482827238 jet-airways-skid_650x400_71482827280