Saturday, April 27, 2024

General line - 0115112241

හරක් ගොවිපොළකින් හරක් වැඩක්…




හැටන් ඇබොර්ස්ලි රොතැස් වතුයායේ පවත්වා ගෙන යන පෞද්ගලික සත්ව ගොවිපලක අපද්‍රව්‍ය හැටන් ඔයට මුදා හැරීම හේතුවෙන් ගැටළුකාරී තත්වයක් හටගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ පවතින තත්වය හේතුවෙන් මහවැලි ගඟේ අතු ශාඛාවක් වන හැටන් ඔය භාවිත කරන ජනතාව මෙන්ම ඔය දෙපස පදිංචි ජනතාව ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

දිනකට අවස්ථා කිහිපයක දී මෙම සත්ව ගොවිපලේ අපද්‍රව්‍ය හැටන් ඔයට මුදා හැරෙන බව ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කළා. ඔවුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් මීට පෙර හැටන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සත්ව ගොවිපලේ හිමිකරුට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ද ගත් බවයි. එහෙත් කිසිදු පාරිසරික ක‍්‍රමවේදයකින් තොරව නැවතත් මෙම සත්ව ගොවිපල පවත්වාගෙන යන බව ද ප‍්‍රදේශවාසීන් කියා සිටියා.

farm-www-nethgossip-lk002 farm-www-nethgossip-lk003  farm-www-nethgossip-lk005   farm-www-nethgossip-lk008  farm-www-nethgossip-lk010  farm-www-nethgossip-lk012