Friday, April 26, 2024

General line - 0115112241

අයථා වැට් බදු යළි ජනතාවට ගත හැකියි




අයථා ලෙස එකතු කරන වැට් බදු ආපසු අයකර ගැනීමට මහජනතාවට නීතිමය හැකියාවක් තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ සංශෝධිත වැට් බද්දට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසුවේ පදනමක් නොමැතිව යම් මුදලක් අයකර ගතහොත් එය යළි ඒ තැනැත්තාට ලබා ගත හැකියි යන්න පොදු නීතියේ අැති බවත් දිසා අධිකරණයේ පවරන නඩුවක් මාර්ගයෙන් එය ලබා ගැනීමේ හැකියාව තිබෙන බවයි.