Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව පොන්ටින් යළි පිටියට




ලබන පෙබරවාරී මාසයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියේ දී හිටපු සුපිරි ක‍්‍රීඩක රිකී පොන්ටින්ගේ සහය ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඕස්ටේ‍්‍රලියානු පන්දුවාර විස්ස කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරනු ඇති.

රිකී පොන්ටින් යනු ඕස්ටේ‍්‍රලියාවට ලෝක කුසලාන දෙකක් දිනාදුන් නායකයෙක්.

ටෙස්ට් තරග 168ක්, එක්දින තරග 375 ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 48ක දී ඔහු ඕස්ටේ‍්‍රලියාව නියෝජනය කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා – ඕස්ටේ‍්‍රලියා පන්දුවාර 20 තරගාවලියට තරග 03 ක් ඇතුළත්. තරගාවලිය ආරම්භ වන්නේ පෙබරවාරී 17 වනදායි.