Friday, April 26, 2024

General line - 0115112241

කවුඩුල්ල සංචාරකයින්ගෙන් පිරෙයි




කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වන අලින් නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මේ වන විට පැමිණෙමින් සිටිනවා.

මේ හේතුවෙන් ජාතික වනෝද්‍යානය අසළ තදබදයක් ද පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

වෙනත් කිසිඳු වසරකට වඩා ඉකුත් දෙසැම්බර් මාසයේ දී වන අලින් කණ්ඩායම් වශයෙන් ජාතික වනෝද්‍යානයේ සැරිසරා තිබෙනවා.

වනජීවි නිලධාරීන් පැවසුවේ කවුඩුල්ල ජලාශයේ ජලය නොමැති බැවින් වන අලින් මෙලෙස වැව් තාවුල්ලට පැමිණෙන බවයි. මෙම කණ්ඩායමට වන අලින් 350ක් පමණ අයත් වනවා.

සාමාන්‍යයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසවල ජලාශය ජලයෙන් පිරෙන බැවින් මීට පෙර වන අලින් මෙලෙස කවුඩුල්ල වැව් තාවුල්ලට නොපැමිණි බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ.

dead-www-nethnews-lk004 dead-www-nethnews-lk005 dead-www-nethnews-lk006 dead-www-nethnews-lk007 dead-www-nethnews-lk008 dead-www-nethnews-lk009 dead-www-nethnews-lk010 dead-www-nethnews-lk011 dead-www-nethnews-lk012 dead-www-nethnews-lk013 dead-www-nethnews-lk014