Saturday, April 27, 2024

General line - 0115112241

බඩු මිල අඩු කෙරෙන ගැසට් නිවේදනයට බාලගිරි




අත්‍යවශ්‍ය භාණ්ඩද ඇතුළුව භාණ්ඩ 15 ක් සඳහා පැනවූ මිල පාලනයට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ.

ඊයේ (13) දිනයේදී මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි මීට පෙර ප‍්‍රකාශ වුණේ. රජය පැනවු මිල පාලනය කි‍්‍රයාත්මකවීමට නම් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වනවා.

මෙතෙක් එම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතාගෙන් විමසා සිිටියා. එහිදී ඔහු පැවසුවේ ගැසට් නිවේදනය අද (14) දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවයි.

මිල පාලනයක් සහිතව භාණ්ඩ අලෙවි කිරීමේදී වෙළද පොලේ භාණ්ඩ හිගයක් ඇති නොවීමට වගබලා ගන්නා බවයි රජය ප‍්‍රකාශ කළේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක් වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ පාරිභෝගිකයින්ට කිසිඳු අසාධාරණයක්වීමට ඉඩ නොතබන බවයි.