Saturday, April 27, 2024

General line - 0115112241

යහපාලනයේ වැදගත්කම ලෝකයට කියාදෙන කෘතිය එළිදකි




“යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශය”  නම් ග්‍රන්ථය ජනගත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ කොළඹදී සිදු කෙරුණා. 
 
යහපාලනයේ වැදගත්කම ලෝකයට කියාදීම සඳහා බෞද්ධ දර්ශනය තුළින් යහපාලන සංකල්පය පිළිබඳ කෘතියක් රචනා කරන ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයකට අනුව යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්‍යක්ෂ හා ප්‍රංශයේ සෝබොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය තම්පලාවෙල ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆරුකොස් චෙනට් විසින් “Buddhist Ideais of Good Governance”  නමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා.
 
උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යහපාලන සංකල්පයෙන් බැහැරව තිබූ සමාජයක යහපාලන සංකල්පය ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බවයි.
 
හැකි උපරිම අන්දමින් යහපාලන සංකල්පය අනුව කටයුතු කර එම අභියෝගය ජය ගැනීමට සියලුදෙනා කැපවිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 
 
ග්‍රන්ථය අන්තර්ජාලයට මුදා හැරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණු අතර ග්‍රන්ථයේ මුල් පිටපත ද ජනාධිපති වෙත පිළිගැන්වුණා.
 
අතිපූජ්‍ය දවුල්දෙන ඥානීස්සර මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය ඇතුථ දෙස් විදෙස් විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
01 02 03 04 05