Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රියක් පීලි පැන මැදිරි 07 ක් අනතුරට




ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ්හි සිදු වූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී දුම්රිය එන්ජිම ඇතුළු මැදිරි හතක් පීලි පැන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දුම්රියේ ගමන්ගත් මගීන් තවදුරටත් එහි සිරවී සිටින අතර මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බව ද වාර්තා වනවා.

දුම්රිය පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.