Friday, April 26, 2024

General line - 0115112241

යට බැනියමේ රූපය පෙන්නූ’ ඉම්රාන් තහීර්ට’ වැඩ වැරදුණු හැටි (VIDEO)




කඩුල්ලක් දවා ගැනීමෙන් පසු පිටියේ බොහෝ දුරක් දිව යමින් සිය සතුට සමරන දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් තහීර්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැඩි ලෙස අවවාද කර තිඛෙනවා.

ඒ, ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් නීති උල්ලංඝණය කිරීම හේතුවෙන්.

ඉකුත් දා පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන විස්සයි විස්ස තරගයේ දී කඩුල්ල දවා ගැනීමෙන් පසු පිටියේ තරමක් දුර දිව ගොස් තමන් ඇඳ සිට කමිසය ඔසවා ඊට යටින් ඇඳ සිටි බැනියමක රූපයක් ඉම්රාන් තහීර් විසින් ප්‍රේක්ෂකයින් වෙත පෙන්වනු ලැබුවා.

කලක් පාකිස්තාන ගායකයෙකුව සිට පසුව ආගමික පූජකයෙකු වූ ජුනයිඩ් ජම්ශේඩ්ගේ රුව එහි ඇතුළත්ව තිබූ බවයි ක්‍රීඩා වාර්තාවල දැක්වෙන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ කිසිදු ක්‍රීඩකයෙකුට හෝ කණ්ඩායමකට දේශපාලනය, ආගම හෝ වෙනත් ජාතීවාදි ක්‍රියා පිළිබඳ පණිවිඩ ලබාදීමට සම්බන්ධ විය නොහැකි බවයි.